ඔන්න 2026 අවුරුද්ද පටන් ගත්ත ගමන්ම K-Drama පිස්සන්ට ලැබුණු නියම තෑග්ගක් තමයි මේ. Hometown Cha-Cha-Cha (Hometown Cha-Cha-Cha) එකෙන් අපි හැමෝගෙම හිත් දිනාගත්ත Kim Seon-ho කාලෙකට පස්සේ ප්‍රධාන චරිතයකින් දකින්න ලැබෙන එකම ලොකු විශේෂත්වයක්.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Joo Ho-jin (Kim Seon-ho). එයා භාෂා කිහිපයක්ම දන්නා ඉතා දක්ෂ පරිවර්තකයෙක් (Interpreter). එයාගේ රාජකාරිය වෙන්නේ හැමවිටම මධ්‍යස්ථව ඉඳලා නිවැරදිව දේවල් පරිවර්තනය කරන එක. හැබැයි එයාට ලෝකපූජිත නිළියක් වෙන Cha Mu-hee (Go Youn-jung) ගේ පරිවර්තකයා වෙන්න ලැබුණම එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මුලින් මේ දෙන්නා අතර ලොකු මතභේද සහ වැරදි වැටහීම් ඇතිවුණත්, විවිධ රටවල් වල සංචාරය කරන අතරතුර ඔවුන් අතර අපූරු බැඳීමක් ඇතිවෙනවා. වචන වලින් කියන්න බැරි ආදරයක් පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක තමයි මේ කතාවෙන් ලස්සනට පෙන්වන්නේ.
International Vibe: මේකේ රූගත කිරීම් දකුණු කොරියාවේ විතරක් නෙවෙයි, ජපානය, කැනඩාව සහ ඉතාලිය වැනි රටවල් කිහිපයකම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා visual එක මාරම ලස්සනයි.
The Hong Sisters Magic: සාමාන්‍ය rom-com එකක් වගේ පටන් ගත්තත්, මැදදී කතාවට එකතු වෙන twist සහ හැඟීම්බර අවස්ථාවන් මේක අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස් කරනවා.
Language Barrier: ආදරය ප්‍රකාශ කරන්න වචනම ඕනෙද? නැත්නම් හැඟීම් ප්‍රමාණවත්ද? කියන දේ ගැන මේකෙන් ලොකු message එකක් දෙනවා.
ඉතින් ඔයාලත් නියම travel-romance එකක් බලන්න ආස නම් අදම පහල දාලා තියන link එකෙන් download කරගෙන බලන්න !
Download Can This Love Be Translated?